ලෝකයේ කුඩාම මාංචු යුගල

විවාහපත් යුවලක් පලදින මංගල මුදු ලෝකයේ කුඩාම මාංචු යුගල ලෙස බටහිර
ලේඛකයෙකු විසින් හදුන්වා දී ඇත.මෙය කෙතරම් කාලෝචිත යෙදුමක්ද යන්න
විමසා බලන විට පෙනේ. මාංචු යුගලක් අත වැටුනු යුවලකට දෙදෙනාගෙ
කැමැත්ත නැතිව කිසිවක් කළ නොහැකිය.කෙනෙකුට දිය නාන්න හිතුනට අනෙකා
එයට අකමැතිනම් ඒ සදහා යානොහැකිය.යනවානම් දෙන්නාම යායුතුය,
යනවානම් මාංචු කඩාගෙන යායුතුය. හැම දෙයටම දෙන්නාගේ කැමැත්ත තිබිය
යුතුය.මුදුපැලද ගෙන විවාහ වන මනාල යුවලක්ද මීට දෙවනි නැත.වෙනසකට
ඇත්තේ මාංචු යුගල දම්වැලකින් බැදීතිබීමය.මනාල යුවල එකට බැදීසිටින්නේ
ආදරය සෙනහස සහ විශ්වාසය නැමති අදෘශ්‍යමාන දම්වැලකින් වීම පමණි.

Comments are closed.

Follow

Get every new post delivered to your Inbox.