බුද්ධත්ව ජයන්තිය සැමරීම
18 අප්රේ 2011 ප්රතිචාර වසා ඇත
බුද්ධව ජයන්තිය සැමරීමට ලබන වෙසක්
පොහෝ දිනය එනතුරු මුලු රටම බලා සිටී.
දාගැබ් ,පිළිම, වෙහෙර විහාර ගොඩනගන්නට,
දහස් ගණන් දරුවන් මහණ කරන්නට,ලොකු ලොකු
තොරන් ඉදිකරන්නට ලහිලහියේ සුදානම් වෙති.
කුමන හෝදුෂිත මගකින් හෝ මුදල් රැස්කර ගත්තත්
ඔවුන් මහා දානපති උපාසකයින් ලෙස හදුන් වමින්
මේකාර්යන් සදහා පන්සලට ලන්කර ගනී.මේ කාර්යන්
ගෙන් බුදු සමයේ පැවැත්මට සිදුවන යහපතට වඩා සිදුවන්නේ
අයහපතකි.පසුගිය දා අනුරාධපුර ධර්ම පීඨ සරසවියේ
නවක ශිෂ්‍යභික්ෂුන් වහන්සේලාව රැග් කරමින් සිදුකළ
නොහොබිනා වැඩ සලකන විටමෙවැනි භික්ෂුන් ලක්ෂ
ගණනක් සිටියත් බුදුසසුනට යහපතක් වේද?
අප විසින් කළ යුත්තේ ව්නය ගරුක භික්ෂුන්
ස්වල්ප දෙනෙකු හෝ ධර්මානුකුලව බිහිකර ගෙන
බුද්ධ ධර්මය රැකගැණීමය.ආමිස පුජාවට වඩා
ප්‍රතිපත්ති පුජාවට මුල්තැන දී කටයුතු කිරීමය.
පන්සිල් රකින සමාජයක් ගොඩනැගීමට කටයුතු
කිරීමය.එකවර පන්සිල් පද පහම රකින්නට බැරිනම්
එක වසරකට ඒක පන්සිල් පදයක් රකින්නට
සපතකර ගෙන වසර පහකින් පන්සිල් පද පහම
රකින්නට සපතකර ගැනීමටවත් මග සලසා ගැනීම
සුදුසුය
එමගින් යහපත් ගුණගරුක සමාජයක් බුද්ධත්ව
ජයන්තියේ නාමයෙන් මේ ශ්‍රි ලංකා පොලව මත
ගොඩනගා ගැනීමට හැකිවනු ඇත.