චිංතන විප්ලවය අද යුගයේ අවශ්‍යතාවයක්

ත්‍රස්තවාදී ග්‍රහණයෙන් ලක්දෙරණ මුදාගෙන  ඒකීය ශ්‍රි ලංකාවක් බිහිකළ අතිගරු මහින්ද්  රාජපක්ෂ ජනාධ්පති තුමා සිය දෙවන ජනාධිපති ධුරයේ දිවුරුම් දීමත් සමගම වේගවත් සංවර්ධනයක් කරා ගමන් කරවීමෙ ප්‍රබල උත්සාහයක යෙදී සිටින  අවස්ථාවක එම අභිප්‍රාය ඉටුකර ගැනීමට නම් චිංතන  විප්ලවයක් දියත් කිරීම් අත්‍යවශ්‍යය.      අපේ දේවල් අගය කරන්නට අප පළමුකොට්  සිතිය යුතුය.අපේ බසට අපේ ආගමට් අපේ රටේ  නිපදවන දෑ අප අගය කළ යුතුය. රටින් ගෙනෙන  හැම දෙයක්ම උසස්කර තැකීමේ හීන මානයෙන් අප  වහා ඉවත්විය යුතුය. නිෂ්පාදන ක්‍රියාවලියේදී අපේ  සම්පත්, යොදාගෙන කෙරෙන නිෂ්පාදන වලට  විශේෂ සහන රජයෙන් ලබාදීමට පියවර ගතයුතුය. කෘෂි කර්මාන්තයට් සහ ආහාර වගාවට මුල්තැන  ලබාදිය යුතුය. බටහිර සංගීතය,බටහිර නැටුම්  වෙනුවට අපේ දරුවන් තුළ දේශීය සංගීතය,  දීශීය නැටුම් අගය කිරීමට පාසල් අවදියේ සිටම  පුරුදු කළ යුතුය.බටහිර අධිරාජ්‍යවාධීන් මෙරට  ඇති කළ පරිපාලන රටාවෙන් මිදී අපේ සංස්කෘතියට  ගැලපෙන පරිපාලන ක්‍රමයක් අප ඇතිකර ගතයුතුය. රාජ්‍ය අංශයේ පවතින දුෂණය හා නාස්තිය වලක්වා  ගැනීම දේශ මමත්වය රාජ්‍ය සේවකයින් තුළ නිබදවම ඇති කළ යුතුය.ඇමතිවරුන්ගේ සිට පහළට මෙය සිදුවිය යුතුය.ආටෝප ජීවිත වලින් මිදී සරල ජීවන  රටාවක් අනුව ජීවත්වීමට හැමදෙනාම පුරුදුවිය යුතුය. අපි එයට සැරසෙමු.

Comments are closed.

Follow

Get every new post delivered to your Inbox.