නැවත ඉංග්‍රිසියට හැරෙන්න සුදානම් වෙනවාද?

ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීම පිළිබදව,අද පවතින උනන්දුව ඉතා
හොදය උසස් අධ්‍යාපනය හදාරණ අයට,පරිගණක අධ්‍යාපනය
ලබන අයට ,විදේශ රැකියා අපේක්ෂා කරන් අයට,විදේශ
සම්බන්ධථා ගොඩනගාගන්නා අයට ඉංග්‍රිසි ඉගණීම අත්‍යාවශ්‍ය
ය.නමුත් එය අවස්ථාවක් කරගෙන පරිපාලන කටයුතු ඉංග්‍රිසියට
හැරෙන ආයතන මතුවෙමින් පැවතීම 56 ඇරබුනු ජාතික සටන
ආපස්සට හැරවීමක් බව කිවයුතුය.
සමහර රාජ්‍ය බැංකු,සමහර සංස්ථා, සමහර දෙපාර්තමේන්තු
දැන් දැන් මහජනයා වෙත නිකුත් කරන ලිපි ඉංග්‍රිසියෙන් පමනක්
නිකුත් කිරීමට පුරුදුවී ඇත. ව්භාග දෙපාර්තමෙන්තුව විභාග
ප්‍රතිඵල ඉංග්‍රිසියෙන් පමනක් නිකුත් කරයි.මේ ලගදී කොලොන්නාව
ලංකා බැංකුව ඉංග්‍රිසි බස කිසිසේත්නොදන්නා ගිනුම් හිමියෙකුට
තම බැංකු පොත නැතිවී අලුත් පොතක් ඉල්ලා සිටි අවස්ථාව සම්පුර්ණ
කර අත්සන් කරගෙන එන ලෙස ඉංග්‍රිසි දිවුරුම් ප්‍රකාශ ආකෘතියක් දී තිබුණි.
මේ එක් උදාහරණයක් පමණි
මෙවැනි අවස්ථා තව බොහෝ පෙන්වා දිය හැකිය.සිංහලෙන්
ආයතනයකට යවන ලිපියකට පිලිතුරු සිංහලෙනුත් දෙමළෙන්
යම් ආයතනයකට යවන ලිපියකට දෙමළෙනුත් පිළිතුරු යවන
ලෙසට බලකෙරෙන නීති වහාම පැනවිය යුතුව ඇත. විභාග
දෙපාර්තමෙන්තුව සිංහල මාධ්‍ය අයදුම් කරුවන්ගේ ප්‍රතිඵල සිංහල
භාෂාවෙනුත්, දෙමළ භාෂා අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල දෙමළ
භාෂාවෙනුත් නිකුත්කළ යුතුය.
ස්ව භාෂාවන්ට හිමි තත්ත්වය ඉංග්‍රිසිය නැවත මතුකරමින්
ආපස්සට හැරවීමට කිසිසේත් ඉඩදිය යුතු නැත.සිංහල ජනතාව
මෙන්ම දෙමළ ජනතාවද මේ සදහා පෙරට ආයුතුය

ප්‍රතිචාර 2 (+add yours?)

  1. Chathuraga Perera
    ජූනි 22, 2011 @ 02:19:16

    100% ක් එකඝයි. අපේ භාෂාව තියාගෙන ඉංග්‍රීසියෙන් වැඩ කරන්න මේක සුද්දගේ රට ඈඃ..?

  2. Kumari
    ජූනි 22, 2011 @ 03:55:02

    I agree with Hemamuni. After all, Sinhala is the state language of Sri Lanka.

Follow

Get every new post delivered to your Inbox.