ව්‍යාපාර රජයට පවරා ගැනීමෙ පණතක්
03 නොවැ 2011 ප්‍රතිචාර වසා ඇත
අපේක්ෂිත ප්‍රතිලාභ නොලබන හා සම්පුර්ණයෙන්ම ප්‍රයෝජනයට නොගන්නා
ව්‍යාපාර රජයට පවරා ගැනීමෙ පණතක් ලබන සතියේ පාර්ලිමෙන්තුවට ඉදිරිපත්
කිරීමට සුදානම් කර ඇත. මෙ පිළිබදව එ.ජා.ප. බලවත් සේ විරෝදය පලකර
ඇත. ඔවුන් ධනපති කොම්පැණි කාරයින් රැකගැනීමට උත්සාහ කරන බව
මෙයින් පැහැදිලිවේ. එ.ජා.ප.එදත් අදත් කලෙත් කරන්නේත් ඔය ටිකමය.
දයා ගමගේ හැරී ජයවර්ධන වැනි ධනපතියන් වෙනුවෙන් මිස පොදු ජනතාව
වෙනුවෙන් නගන හඩක් නොවේ මෙම විරෝදය.
1970 බිහිවු සමගි පෙරමුණ රජය මෙම පණත එදා ක්‍රියා
ත්මක කරමින් ධනපති පන්තිය සුරාගත් දේපල ජනතා අයිතියට පවරණු ලැබීය.
මෙම පණත එ.ජා.ප.රජය 1977 බලයට පත්වීමෙන් පසු මෙම පණත අවලංගු
කරණු ලැබීය.ධනපති පන්තිය අද ආර්ථික ක්‍රියාවලිය බ්දදමා රජය අපහසු තාවයක
ට පත්කිරීමට ත් ඒමතින් රජය බිද දැමීමටත් සුදානම් අවස්ථාවක රටේ ආථිකය රැක
ගැනීමට රජය මේ පියවර ගෙන ඇත.
ලෝකයේ කුඩාම මාංචු යුගල
06 සැප් 2011 ප්‍රතිචාර වසා ඇත
විවාහපත් යුවලක් පලදින මංගල මුදු ලෝකයේ කුඩාම මාංචු යුගල ලෙස බටහිර
ලේඛකයෙකු විසින් හදුන්වා දී ඇත.මෙය කෙතරම් කාලෝචිත යෙදුමක්ද යන්න
විමසා බලන විට පෙනේ. මාංචු යුගලක් අත වැටුනු යුවලකට දෙදෙනාගෙ
කැමැත්ත නැතිව කිසිවක් කළ නොහැකිය.කෙනෙකුට දිය නාන්න හිතුනට අනෙකා
එයට අකමැතිනම් ඒ සදහා යානොහැකිය.යනවානම් දෙන්නාම යායුතුය,
යනවානම් මාංචු කඩාගෙන යායුතුය. හැම දෙයටම දෙන්නාගේ කැමැත්ත තිබිය
යුතුය.මුදුපැලද ගෙන විවාහ වන මනාල යුවලක්ද මීට දෙවනි නැත.වෙනසකට
ඇත්තේ මාංචු යුගල දම්වැලකින් බැදීතිබීමය.මනාල යුවල එකට බැදීසිටින්නේ
ආදරය සෙනහස සහ විශ්වාසය නැමති අදෘශ්‍යමාන දම්වැලකින් වීම පමණි.
02 සැප් 2011 ප්‍රතිචාර වසා ඇත
රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් පලවාහැර කරු ජයසුරිය මහතා හෝ
සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට ගෙන ඒමෙන් නැවත එ.ජා.පක්ෂය බලයට
ගෙනාව හැකියැයි මේ පෙරළි කාරයෝ සිතති. නමුත් මොන එකා නායකත්වයට
පත්කර ගත්තත් එ.ජා.පක්ෂය අතීතයේ කළ වැරදි වලට ප්‍රසිද්ධියේ ජනතාවගෙන්
සමාවගෙන බටහිර අධිරාජ්‍යවාධීන්ගේ පදයට නටන නැටිල්ල නවතා දේශීය සිතුම්
පැතුම් අගය කිරීමට ඒ අනුව කටයුතු කිරීමට හුරුවන තෙක් එ,ජා පක්ෂයට
අනාගතයක් නැත.
පසුගිය ත්‍රස්තවාදී යුද්ධය මර්ධණය කිරීමට ජනාධිපතිතුමා කටයුතු කරන්
අවස්ස්ථාවේදී රවි කරුණානායක වැනි මන්‍රිවරු යුද්ධය හාස්‍යයට ලක්කරමින් කියපු
කරපු දේවල් ජනතාවට හොදට මතකය.ප්‍රභාකරන් සමග ගිවිසුම් ගසාගෙන උතුරු
නැගෙනහිර කොටින්ට පාවාදීමට කටයුතු කරපු ආකාරය තවම ජන හදවත් වලින්
මැකීගොස් නැත.අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශවෙමින් පවතින බවට බේගල්
ඇද බාමින් බටහිර අධිරාජ්‍යවාදීන්ට අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි
ගසන්නට ඉඩසලසා දෙමින් එ.ජා.පක්ෂය කටයුතු කළ ආකාරය තවම ජනතාවට
මතකය.
එ.ජා පක්ෂය බලයට පත් අවස්ථාවේ රක්ෂණ සමාගම් විකුනපු හැටි,
දුම් රිය සේවය අධිකාරියක් කරපු හැටි, සතොස විනාශකරපු හැටි,ලංගම
විනාශ කරපු හැටි,හොදට මතකය. එ.ජා.ප බලයට එන්න අවශ්‍යනම්
නායකත්වය වෙනස් කිරීම නොව මෙම ප්‍රතිපත්ති වෙනස් කළ් යුතුය,
hemamunige sithivili
08 අගෝ 2011 ප්‍රතිචාර 2
letters publish in sinhala bloggersa com as well as words .com
බුද්ධත්ව ජයන්තිය සැමරීම
18 අප්‍රේ 2011 ප්‍රතිචාර වසා ඇත
බුද්ධව ජයන්තිය සැමරීමට ලබන වෙසක්
පොහෝ දිනය එනතුරු මුලු රටම බලා සිටී.
දාගැබ් ,පිළිම, වෙහෙර විහාර ගොඩනගන්නට,
දහස් ගණන් දරුවන් මහණ කරන්නට,ලොකු ලොකු
තොරන් ඉදිකරන්නට ලහිලහියේ සුදානම් වෙති.
කුමන හෝදුෂිත මගකින් හෝ මුදල් රැස්කර ගත්තත්
ඔවුන් මහා දානපති උපාසකයින් ලෙස හදුන් වමින්
මේකාර්යන් සදහා පන්සලට ලන්කර ගනී.මේ කාර්යන්
ගෙන් බුදු සමයේ පැවැත්මට සිදුවන යහපතට වඩා සිදුවන්නේ
අයහපතකි.පසුගිය දා අනුරාධපුර ධර්ම පීඨ සරසවියේ
නවක ශිෂ්‍යභික්ෂුන් වහන්සේලාව රැග් කරමින් සිදුකළ
නොහොබිනා වැඩ සලකන විටමෙවැනි භික්ෂුන් ලක්ෂ
ගණනක් සිටියත් බුදුසසුනට යහපතක් වේද?
අප විසින් කළ යුත්තේ ව්නය ගරුක භික්ෂුන්
ස්වල්ප දෙනෙකු හෝ ධර්මානුකුලව බිහිකර ගෙන
බුද්ධ ධර්මය රැකගැණීමය.ආමිස පුජාවට වඩා
ප්‍රතිපත්ති පුජාවට මුල්තැන දී කටයුතු කිරීමය.
පන්සිල් රකින සමාජයක් ගොඩනැගීමට කටයුතු
කිරීමය.එකවර පන්සිල් පද පහම රකින්නට බැරිනම්
එක වසරකට ඒක පන්සිල් පදයක් රකින්නට
සපතකර ගෙන වසර පහකින් පන්සිල් පද පහම
රකින්නට සපතකර ගැනීමටවත් මග සලසා ගැනීම
සුදුසුය
එමගින් යහපත් ගුණගරුක සමාජයක් බුද්ධත්ව
ජයන්තියේ නාමයෙන් මේ ශ්‍රි ලංකා පොලව මත
ගොඩනගා ගැනීමට හැකිවනු ඇත.
බුදුසමයට වින කරන්නට ඊ නිවුස් තැතක්
14 පෙබ 2011 එක් ප්‍රතිචාරයක්
14.2.2011 දින් ඊ නිවුස් වල පලවු පුවතක් බොදු බැතිමතුන් ගේ විශේෂ අවධානයට ලක් වියයුතුව ඇත. ඔත්තුකාර චීවරධාරීන් ගෙන් ප්‍රවේශම් වන්න යන ශීර්ෂ පාඨය යටතේ ඔවුන් පෙන්නාදීමට උත්සාහ කරන්නේ රජයේ බුද්ධිඅංශයට තොරතුරු ලබාගැනීමට මුදලට යටවු භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග බොරුවට සිවුරු පෙරවාගත් පිරිසක් යොදාගෙන.ඇති බවය. මොවුන් මෙ ම්ගින් පෙන්නා දීමට උත්සාහ කරන්නේ මුලු මහත් හික්ෂු සමාජය දෙසම සැකමුසු ඇසින් බලන්නට ජනතාව යොමු කිරීමටය මෙ මගින් අපේ මුරදේතාවුන් බදු බෞද්ධ භික්ෂුන් වහන්සේලා දෙසසැකමුසු ඇසින් බලන්නට ඉගි කෙරෙයි.මෙවැනි බේගල් පුවත් පල කරන්නන්ගේ අරමුණ කුමන්ත්‍රණකාරී ලෙස බුදුසමය වනසා දැමීමය.
සරසවි සිසුන්ට් යුධ පුහුණුව ලබාදීම
22 ජන 2011 ප්‍රතිචාර වසා ඇත
සරසවි සිසුන්ට යුධ පුහුනුවක් ලබාදීම් ට අධ්‍යාපන ඇමතිතුමා
අදහස් කර ඇති බවට් පලවු පුවතට දැඩි විරෝධයක් දක්වා
සිටින්නේජනතා විමුක්ති පෙරමුණය.
අධ්‍යාපන ඇමතිතුමා මෙම පුහුණුවෙන් අපේක්ෂා කරන්නේ
විනය ගරුක උගත් තරුණ පරපුරක් බිහිකර ගැනීමය.
එවෙනි පරපුරක් බිහිවුව හොත් ඔවුහු රටට ආදරය කරණ,
ආගම දහමට ගරුකරණ පිරිසක් වනවා නොවනු මානය.
එවිට ඔවුහු සරසවි අධ්‍යාපනයේ නිසිපල නෙලා ගැනීම්
සදහා අධ්‍යාපන පර්යේෂණ කටයුතු වලට වැඩි නැබුරු තාවයක්
දක්වනු ඇත.එවිට රටේ උසස් තනතුරු වලට පත්වන්නන්
දේශමාමක පිරිසක් ලෙස කටයුතු කරණු ඇත.සරසවි වල
මෙවැනි විනය ගරුක සිසුන් සිටින විට ජ.වි,පෙරමුණට
විනාශකාරී කටයුතු වලට තරුණ සරසවි සිසුන් යොදවා
ගැනීමට හැකි නොවනු ඇත.මෙම් වැඩ පිළිවෙලට
ඔවුන් විරුද්ධ වන්නේ ඒ නිසාය. මගේ පුද්ගලික
අදහස යුධ පුහුණුව ලබාදීම උසස් පෙළ පන්ති වලින්ම
ඇරබිය යුතු බවය.
චිංතන විප්ලවය අද යුගයේ අවශ්‍යතාවයක්
19 නොවැ 2010 ප්‍රතිචාර වසා ඇත
ත්‍රස්තවාදී ග්‍රහණයෙන් ලක්දෙරණ මුදාගෙන ඒකීය ශ්‍රි ලංකාවක් බිහිකළ අතිගරු මහින්ද් රාජපක්ෂ ජනාධ්පති තුමා සිය දෙවන ජනාධිපති ධුරයේ දිවුරුම් දීමත් සමගම වේගවත් සංවර්ධනයක් කරා ගමන් කරවීමෙ ප්‍රබල උත්සාහයක යෙදී සිටින අවස්ථාවක එම අභිප්‍රාය ඉටුකර ගැනීමට නම් චිංතන විප්ලවයක් දියත් කිරීම් අත්‍යවශ්‍යය. අපේ දේවල් අගය කරන්නට අප පළමුකොට් සිතිය යුතුය.අපේ බසට අපේ ආගමට් අපේ රටේ නිපදවන දෑ අප අගය කළ යුතුය. රටින් ගෙනෙන හැම දෙයක්ම උසස්කර තැකීමේ හීන මානයෙන් අප වහා ඉවත්විය යුතුය. නිෂ්පාදන ක්‍රියාවලියේදී අපේ සම්පත්, යොදාගෙන කෙරෙන නිෂ්පාදන වලට විශේෂ සහන රජයෙන් ලබාදීමට පියවර ගතයුතුය. කෘෂි කර්මාන්තයට් සහ ආහාර වගාවට මුල්තැන ලබාදිය යුතුය. බටහිර සංගීතය,බටහිර නැටුම් වෙනුවට අපේ දරුවන් තුළ දේශීය සංගීතය, දීශීය නැටුම් අගය කිරීමට පාසල් අවදියේ සිටම පුරුදු කළ යුතුය.බටහිර අධිරාජ්‍යවාධීන් මෙරට ඇති කළ පරිපාලන රටාවෙන් මිදී අපේ සංස්කෘතියට ගැලපෙන පරිපාලන ක්‍රමයක් අප ඇතිකර ගතයුතුය. රාජ්‍ය අංශයේ පවතින දුෂණය හා නාස්තිය වලක්වා ගැනීම දේශ මමත්වය රාජ්‍ය සේවකයින් තුළ නිබදවම ඇති කළ යුතුය.ඇමතිවරුන්ගේ සිට පහළට මෙය සිදුවිය යුතුය.ආටෝප ජීවිත වලින් මිදී සරල ජීවන රටාවක් අනුව ජීවත්වීමට හැමදෙනාම පුරුදුවිය යුතුය. අපි එයට සැරසෙමු.
ගම මුල්කරගත් ගම්සභා ක්‍රමයක් අවශ්‍යයයි
28 සැප් 2010 ප්‍රතිචාර වසා ඇත
පළාත් පාලන සභා මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇතිකිරීම පිණිස සාකච්ඡා කරන
මෙ මොහොතේ අතීත ගම්සභා ක්‍රමය කෙරෙහි විශේෂ සැලකිල්ලක් යොමුකළ
යුතුව ඇත. අතීතයේ මේ අපේ ගම,අපේ ගමේ පන්සල,අපේ ගමේ නාන ළිද,
අපේ ගමේ සමුපකාරය,අපේ ගමෙ පාර,ආදී වශයෙන් ගම ගැන විශාල ව්ශයෙන්
ආදරයක් පැවතුණි.එහෙත් මේ ගමේ කම ග්‍රාමසේවා කොට්ඨාශ බිහි වීමත් සමග
නැතිවිය.
එකම ගම කොටස් වලට කඩා තවත් ගම්වල කොටස් එක් කරමින් බිහිකර
ඇති ග්‍රාම සේවා කොට්ඨාශ තුළින් මේ ගමේ කම දැකිය නොහැකිය. මේ නිසා
ඉදිරි කාළයේදී පලාත් පාලන සභා කොට්ඪාශ වෙන්කිරීමේදී ගම නැමති සංකල්පයට
මුල්තැන දෙමින් කොට්ඪාශ වෙන්කළ යුතුය. ගමේ කම් රැකෙන්නේ එවිටය.
ගමේ කම ,නැමති සංකල්පය ගොඩ නැගෙන්නේ එවිටය මහින්ද චින්තනයට
අනුව ගම නැගුම සංකල්පය සාර්ථක කරගත හැක්කේ එවිට්ය.
නැවත ඉංග්‍රිසියට හැරෙන්න සුදානම් වෙනවාද?
10 අගෝ 2010 ප්‍රතිචාර 2
ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීම පිළිබදව,අද පවතින උනන්දුව ඉතා
හොදය උසස් අධ්‍යාපනය හදාරණ අයට,පරිගණක අධ්‍යාපනය
ලබන අයට ,විදේශ රැකියා අපේක්ෂා කරන් අයට,විදේශ
සම්බන්ධථා ගොඩනගාගන්නා අයට ඉංග්‍රිසි ඉගණීම අත්‍යාවශ්‍ය
ය.නමුත් එය අවස්ථාවක් කරගෙන පරිපාලන කටයුතු ඉංග්‍රිසියට
හැරෙන ආයතන මතුවෙමින් පැවතීම 56 ඇරබුනු ජාතික සටන
ආපස්සට හැරවීමක් බව කිවයුතුය.
සමහර රාජ්‍ය බැංකු,සමහර සංස්ථා, සමහර දෙපාර්තමේන්තු
දැන් දැන් මහජනයා වෙත නිකුත් කරන ලිපි ඉංග්‍රිසියෙන් පමනක්
නිකුත් කිරීමට පුරුදුවී ඇත. ව්භාග දෙපාර්තමෙන්තුව විභාග
ප්‍රතිඵල ඉංග්‍රිසියෙන් පමනක් නිකුත් කරයි.මේ ලගදී කොලොන්නාව
ලංකා බැංකුව ඉංග්‍රිසි බස කිසිසේත්නොදන්නා ගිනුම් හිමියෙකුට
තම බැංකු පොත නැතිවී අලුත් පොතක් ඉල්ලා සිටි අවස්ථාව සම්පුර්ණ
කර අත්සන් කරගෙන එන ලෙස ඉංග්‍රිසි දිවුරුම් ප්‍රකාශ ආකෘතියක් දී තිබුණි.
මේ එක් උදාහරණයක් පමණි
මෙවැනි අවස්ථා තව බොහෝ පෙන්වා දිය හැකිය.සිංහලෙන්
ආයතනයකට යවන ලිපියකට පිලිතුරු සිංහලෙනුත් දෙමළෙන්
යම් ආයතනයකට යවන ලිපියකට දෙමළෙනුත් පිළිතුරු යවන
ලෙසට බලකෙරෙන නීති වහාම පැනවිය යුතුව ඇත. විභාග
දෙපාර්තමෙන්තුව සිංහල මාධ්‍ය අයදුම් කරුවන්ගේ ප්‍රතිඵල සිංහල
භාෂාවෙනුත්, දෙමළ භාෂා අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල දෙමළ
භාෂාවෙනුත් නිකුත්කළ යුතුය.
ස්ව භාෂාවන්ට හිමි තත්ත්වය ඉංග්‍රිසිය නැවත මතුකරමින්
ආපස්සට හැරවීමට කිසිසේත් ඉඩදිය යුතු නැත.සිංහල ජනතාව
මෙන්ම දෙමළ ජනතාවද මේ සදහා පෙරට ආයුතුය